ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට ලෝක සම්මානයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට 25 වන ලෝක සංචාරක සම්මාන උළලේදී ඉන්දියානු සාගර කලාපය වෙත පියසර කරන ප‍්‍රමුඛතම ගුවන් සේවය ලෙසින් සම්මානයට පාත්‍ර වී ඇත.

ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයේ විවිධ අංශ හදුනාගැනිම සහ එම ව්‍යාපාරයේ විශිෂ්ඨතා ඇගයිමේ අරමුණින් මෙම ලෝක සංචාරක උළෙල සංවිධාන කෙරේ. එහි සම්මාන ප‍්‍රදානෝත්සවය පසුගියදා පෘතුගාලයේ ලිස්බන් නගරයේදී පැවැත්වුනි.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සිය සේවා වැඩිදියුණු කිරිම තුළින් සංචාරක ව්‍යාපාරයේ සහ ජනතාවගේ ප‍්‍රසාදය දිනා ගැනීමට පාත‍්‍රවී ඇති බව ලෝක සංචාරක සම්මාන උළලේ නිර්මාතෘ ග‍්‍රැහැම් කුක් මහතා එහිදී ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආසියා සහ ඕස්ට්‍රේලේෂියා ලෝක සංචාරක උළෙලේ දී ද , 2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරයට හිමි සම්මානය ද දිනා ගෙන තිබේ.

මෙම තරගාවලිය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමග එයා ඕස්ට්‍රේලියා , එයා ප්‍රාන්ස් , එයා ඉන්ඩියා ,එයා ෂීෂෙල්ස් , එයා ඒෂියා , බ්‍රිටිෂ් එයා වේස් , එමිරේට්ස් , ඉටිහාඩ් , K.L.M.(කේ.එල්.එම් .) , ලුෆ්තන්සා , කටාර් එයා වේස් සහ තුර්කි ගුවන් සේවය යන ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා තරග වැදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *