අමෙරිකාවට වැඩබලන ආරක්ෂක ලේකම්වරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –වැඩබලන ආරක්ෂක ලේකම්වරයෙකු පත්කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව නියෝජ්‍ය ආරක්ෂක ලේකම් පෙට්‍රික් ෂානාන් ලබන ජනවාරි පළමු වනදා සිට එලෙස පත්කරන බව ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයකින් සඳහන් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

අමෙරිකාවේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ 68 හැවිරිදි ජනරාල් ජේම්ස් මැට්ටිස් පසුගියදා ඉල්ලා අස්විය පෙබරවාරි මාසය තෙක් ධුරය කාලය තිබියදී ඔහු ඉන් ඉවත් ව තිබුනි.

එසේම වැඩබලන නවආරක්ෂක ලේකම් පෙට්‍රික් ෂානාන් 56වැනි වියෙහි පසුවන අතර ඔහු එම ධූරයේ ඉතා දක්‍ෂ ලෙස කටයුතු කරනු ඇතැයි ට්‍රම්ප් විශ්වාසය පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *