දේශපාලන සංහිඳියාව වැඩිදියුණු කිරීමට සහාය දීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ දේශපාලන සංහිඳියාව වැඩිදියුණු කිරීම සඳහා සහයෝගය ලබා දෙන බව පොදු රාජ්‍ය මණ්ඩලය සදහන් කරයි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන අර්බුදයේ අවසානය සහ වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වීම මහලේකම්වරිය විසින් අගය කර ඇත.

නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථානුකූල රාමුව ආරක්ෂා කිරීම සහ ඊට සහාය දැක්වීමේ වැදගත්කමත් ඒ වෙනුවෙන් ස්ථිරභාවයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසාව පළ කර තිබේ.

එසේම දේශපාලන ප්‍රතිසංධාන වැඩිදියුණු කිරීම, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට පොදු රාජ්‍ය මණ්ඩලය සූදානමින් සිටින බවද පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *