ලොවපුරා කිතුණු බැතිමත්හු නත්තල සමරති

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා කිතුණු බැතිමත්හු අත්උත්කර්ෂවත් අයුරින් නත්තල් උත්සවය සැමරූහ. මෙවරද නත්තල් උත්සවයේ ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයේ දී පැවැති අතර ෆ්රැන්සිස් පාප් වහන්සේ විසින් ඒ සඳහා සහභාගි වූ දහස් ගණනක් බැතිමතුන්ට සිය ආශිර්වාදය පිරිනැමූහ.

සරල බවට මුල් තැන දෙමින් ධනවතුන් හා දිළින්දන් අතර පරතරය අඩු කරලීමට උත්සාහ දැරීම වැදගත් බව පාප් වහන්සේ සිය නත්තල් පණිවිඩයෙන් ප්‍රකාශ කළහ. පුද්ගලයන් භෞතිකවාදය පසුපස හඹා යමින් ජීවිතය වඩාත් සංකීර්ණත්වයට පත් කර ගෙන ඇති බව එතුමා වැඩි දුරටත් පැවසූහ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ උපතින් දිළිඳුභාවය තුරන් කිරීම සංකේතවත් කෙරෙන බව පාප් වහන්සේ බැතිමතුන්ට සිහිපත් කළහ.

ජේසුස් වහන්සේගේ උපත සිදු වූ බෙත්ලෙහෙම නත්තල් දිනයදා ලොව නන් දෙසින් පැමිණි බැතිමතුන් ගෙන් පිරී ඉතිරී තිබිණි. ලොව විශාලතම නත්තල් ගස මෙවර ඉතාලියේ ඉදි කර ඇති අතර එය උසින් අඩි 2400ක් ද පළලින් අඩි 1500ක් ද වන අතර එය විදුලි බුබුළු 5000කින් ආලෝකමත් කර ඇත.මෙක්සිකෝවේ රාබුවලින් නිර්මාණය කළ නත්තල් ගසක් විදෙස් මාධ්‍ය අවධානය දිනා ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *