උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නිශ්චිත දිනයක් පැවතියද අද (27) මධ්‍යම රාත්‍රීයෙන් පසුව 2018 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි බවත් ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින දෙකතුනක් යනු ඇතැයිද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28 වැනි දාත්, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනි දාත්, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 වැනි දාත් ලබාදෙන ලෙස 2017 වසරේදි අධ්‍යාපන අමාත්‍යංශය විභාග දෙපාර්තුමේන්තුවට උපදෙස් ලබා දී තිබිණි.

කෙසේ වෙතත් මෙවර නිශ්චිත දිනයට උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරිමට නොහැකි වන බව කොමසාරිස්වරයා කියයි.

අද (27) මධ්‍යම රාත්‍රීයේ එනම් හෙට (28) අලුයම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වනු ඇතැයි පසුගිය අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් අපේක්ෂකයෝ බලාපොරොත්තුවෙන් සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *