ට්‍රම්ප් සහ මෙලනියා නත්තල් සුබ පැතුම් රැගෙන ඉරාකයට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා නත්තල් සුබ පැතුම් රැගෙන පෙර දැනුම් දීමක් නොමැතිවම ඉරාකයේ සිටින අමෙරිකානු හමුදා භටයින් හමුවීමට පැමිණ තිබේ.

මෙම අනපේක්ෂිත සංචාරය හමුදා සොල්දාදුවන්ට ස්තූතිය පළ කිරීම සඳහා සැලසුම් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී අමෙරිකානු සොල්දාදුවන් ගේ සේවාව සාර්ථකත්වය සහ කැපවීම ජනාධිපති ට්‍රම්ප් ගේ ඇගයීමට ලක් වී ඇත.

මෙහිදී මාධ්‍ය හමුවේ ඔහු පැවසුවේ ඉරාකයෙන් හමුදා ඉවත් කරගැනීමේ සැලසුමක් මෙතෙක් නොමැති බවයි. ඉරාකයේ තවමත් රැඳී සිටින අමෙරිකානු භටයින් 5000 ක් පමණ අයි. එස් ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉරාක හමුදාවන්ට සහය ලබා දෙන බව ඔහු පැවසීය.

කෙසේ වුවත් ඉරාක අග්‍රමාත්‍ය අදෙල් අබ්දුල් මාදි හා ට්‍රම්ප් අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *