හෙට සිට වැස්ස අඩු වෙන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික, තරමක අඩුවීමක් හෙට(28) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද(27)සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු-මැද පළාතෙත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථාන වලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල මි.මී 100 ක පමණ තද වැසි සහ බස්නාහිර පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *