අමෙරිකාවේ ගෞරවාන්විත කාන්තාව මිෂෙල් ඔබාමා

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ගෞරවාන්විතම කාන්තාව බවට පත්වීමට හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා සමත්වේ.

ඒ මෙතෙක් එම ධුරය රැකගත් හිලරි ක්ලින්ටන් වසර 17 කට පසුව පරාජයට පත් කරමින්ය.

ගෞරවාන්විත කාන්තාව සහ පුරුෂයා තේරීමේ ඡන්ද විමසීම ආරම්භ වුණේ 1946 වසරේ දීය. 1976 දී පමණක් තරඟය නොපැවැත්වුණු බව සදහන් වේ. මිෂෙල් ඔබාමාට හිමිවු ඡන්ද ප‍්‍රතිශතය සියයට පහලොවකි.

ජනපි‍්‍රය මාධ්‍යවේදිනියක වන ඔප්රා වින්ෆ‍රේ සියයට පහක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබේ.

වසර 17 ක් ගෞරවාන්විත කාන්තාව බවට පත්වූ හිලරි ක්ලින්ටන් මෙවර තුන්වන ස්ථානයට පත්වුණේ සියයට හතරක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින්ය.

එසේම අමෙරිකාවේ වඩාත් ගෞරවාන්විත පුරුෂයා බවට පත්වීමට බරක් ඔබාමාට යළි හැකිව තිබේ. ඩොනල්ඩ් ට‍්‍රම්ප් දෙවන ස්ථානයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *