(කොළඹ, ලංකාපුවත්) – බස් ගාස්තු අඩුකිරිම කි‍්‍රයාත්මක නොකරන බස් රථ සොයා වැටලීම් සිදුකරන බව ජාතික ගමනා ගමන කොමිසම ප්‍රකාශ කළේය.
මේ වනවිට බස් රථ සංගම් හරහා සියලු බස් රථ වලට ගාස්තු අඩු කිරීම් සම්බන්ධයෙන් දැනුම්දී ඇති බව කොමිසමේ සභාපති එච් හේමචන්ද්‍ර මහතා පැවසීය.
බස් ගාස්තුවේ නිසි ප්‍රතිලාභය මගී ජනතාවට ලබා නොදෙන බස් රථ සම්බන්ධයෙන් 1955 දුරකථන අංකයට අමතා දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටි.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 04 කින් අඩු කිරීමට පසුගියදා පියවර ගත්තේය.