නව නාවික හමුදාපතිවරයෙක් පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ.

ඒ මහතා අද (31) උදෑසන ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් ධුරයට උසස් කිරීමෙන් අනතුරුව නව තනතුරට පත් කර තිඛෙන අතර, ඔහු 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

මේ අතර නාවික හමුදාපති ධුරයෙන් හෙට විශ්‍රාම ලබන වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත ද ජනාධිපතිතුමා මේ අවස්ථාවේ දී සුබපැතුම් පිරිනැමුවේය.

සිරිමෙවන් රණසිංහ මහතා නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ලබන්නේ අද්මිරාල් ධුරයට උසස්වීමක් ද සමගය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *