හෙට සිට කොටු ප්ලග් පමණයි

(කොළඹ, ලංකාපුවත්) –විදුලි පේණු සහ කෙවෙනි සඳහා හඳුන්වා දුන් නව ප‍්‍රමිතීන් හෙට (01) සිට බලාත්මක වන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව හෙට සිට අලෙවි කළ හැක්කේ සහ මිලදී ගත යුත්තේ එම ප‍්‍රමිතීන්ට අනුකුල පේණු සහ කෙවෙනි පමණක් බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.

එසේම නිවාස හෝ වෙනත් ගොඩනැගිලිවල දැනට භාවිත පේණු සහ කෙවෙනි සම්බන්ධයෙන් ද ඒ මහතා පැහැදිලි කරන ලදි.

එහිදී ඔහු සඳහන් කළේ “දැනට භාවිතා කරන විදුලි පේණු සහ කෙවෙනි ඉවත් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. එහි කාලය අවසන් වනතෙක් භාවිතා කළ හැකි නමුත් අලුතින් මිලදී ගන්නා උපකරණවලදී මෙම නව ප්‍රමිතියට අනුකූල වියයුතුයි. දිගින් දිගටම නව ප්‍රමිතියට අනකූල නොවන විදුලි පේණු සහ කෙවෙනි අලෙවි කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය කටයුතු කරනු ඇති.” යනුවෙනි.

විදුලි අනතුරු අවම කර ගැනීමේ අරමුණින් පේණු සහ කෙවෙනි සඳහා මෙම නව ප‍්‍රමිතීන් හඳුන්වා දී ඇතැයි ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *