අගමැති රනිල්, බංග්ලාදේශ අගමැතිනියට සුබ පතයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මැතිනිය වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේ ය.

ඊයේ (01 ) දහවල් අග්‍රමාත්‍යවරුන් දෙපල දුරකථන සාකච්ඡාවක ද නිරත වූ අතර, එහි දී ද්විපාර්ශවික කරුණු කීපයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරුණු බව සදහන් වේ.

වික්‍රමසිංහ මහතා යොමු කළ සුභ පැතුම් පණිවිඩයේ සිංහල පරිවර්තනය මෙසේ ය.

බංග්ලාදේශ ජනරජයේ නොබෝදා පැවති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් පිට පිටම තුන්වන වතාවටත් ඔබ පක්‍ෂය ලද ජනවරමට මාගේ හෘදයාංගම සුබ පැතුම් එක් කිරීමට ලැබීම ගැන බෙහෙවින් සතුටු වෙමි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිගු කලක සිට පැවත එන මිතුදමත්, සබැ¼දියාවත් තව තවත් ශක්තිමත්ව චිරාත් කාලයක් පවතිනු ඇති බව මම උදක්ම අපේක්‍ෂා කරමි. බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වශයෙන් ඔබගේ නව ධූර කාලය ආරම්භ කරන මේ මොහොතේ ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවත් බංග්ලාදේශ ආණ්ඩුව ප්‍රමුඛ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවත් අතර තහවුරු වන ශක්තිමත් සබඳතා දිරිගන්වනු කැමැත්තෙමි.
ඉතාමත් සාර්ථක ධූර කාලයකට සුභාශිංසන පිරිනමමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *