ඉන්දු පාකිස්ථාන සිරකරු ලැයිස්තු හුවමාරුවක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව සහ පාකිස්ථානය අතර සිරකරුවන්ගේ ලැයිස්තු හුවමාරුව අද(02) සිදුවේ. ඒ දෙරට අතර 2008 වසරේදී ඇති කරගත් එකඟතා ගිවිසුමට අනූව බව සදහන් වේ.

ඉන්දීය අත්අඩංගුවේ සිටින පාකිස්ථාන සිරකරුවන්ගේ සංඛ්‍යාව 347කි. ඉන්දීය සිරකරුවන් 537ක් පාකිස්ථාන අත්අඩංගුවේ සිටින බවට තොරතුරු හෙළිව තිබේ. ඊට මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවරයන් ද ඇතුළත්ය.

මේ වනවිට ඔවුන්ගේ ලැයිස්තු සකසා අවසන් බව ඉන්දීය විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත.

සිරදඩුවම් කාලය නිමකළ පුද්ගලයන් යළි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද දෙරට අතර සාකච්ඡා පැවැත්වුණි. විශේෂ නියෝජිත කණ්ඩායමක් ඒ සඳහා යෙදවීමටත් අවධානය යොමුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *