‘සේනා‘ මර්දනයට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) –පළිබෝධ මර්දනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඩ්‍රෝන තාක්ෂණය අත්හදා බැලීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර සේනා දළඹු මර්දනය සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීම මඟින් කෘමිනාශක ඉසීමේ පරීක්ෂණ කටයුතු අද(03) දින කෘෂිකර්මඇමැති, ධීවර, වාරිමාර්ග, පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතාගේ උපදෙස් මත ගලෙන්බිදුණුවැව බඩඉරිඟු වගාව ආශ්‍රිතව අත්හදා බැලීම සිදුකෙරිණි.

මෙම වැඩපිළිවෙල සාර්ථක වන්නේ නම් මහ පරිමාණයෙන් බඩඉරිඟු වගා කර ඇති ප්‍රදේශවලට කෘමිනාශක ඉසීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ලේකම්වරයා විසින් සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් ගෙන වැඩපිළිවෙල අඛණ්ඩව ගෙනයන ලෙසට උපදෙස් දුන්නේය.

සේනා දළඹු විශේෂය වී වගාවට බලපෑම් එල්ල කිරීම වැළැක්වීම සඳහා මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලු අංශ දැනුම්වත් කරමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ අනුව දිවයිනේ සියලුම කෘෂිකර්ම බලධාරීන් දැඩි අවධානය යොමු කර ඒ සඳහා පියවර ගන්නා ලෙස අමාත්යාං ශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍රමහතා උපදෙස්දෙනු ලැබීය.

“සේනා”දළඹු විශේෂය (FallArmy Worm) මේවනවිට මෙරට බඩඉරිඟු වගාවට ද බරපතල තර්ජනයක් එල්ල කර තිබේ. සේනා දළඹුවා මර්දනය සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් අරඹා ඇති අතර, ඒ යටතේ ගොවිජනතාව දැනුම්වත් කිරීම, කෘමිනාශක වර්ග 04ක් නිර්දේශ කිරීම, කෘමිනාශක මිලදී ගැනීම සඳහා 50%ක සහනාධාරයක් ලබාදීම මෙන්ම සේනා දළඹු මර්දනය සඳහා එක් එක් අංශවලින් සමන්විත කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීම වැනි පියවර රැසක් මේවනවිට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *