(කොළඹ, ලංකාපුවත්) – කොංගෝ රාජ්‍යයේ හිස ඔසවා තිබෙන ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 368 දෙනෙකු මියගොස් තිබේ.
එසේම රෝගීන් 608ක් වාර්තා වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත.
මීට අමතරව තවත් පුද්ගලයින් 29දෙනෙකුට රෝගය ආසාදනය වී ඇති බවට වෛද්‍යවරු සැක පළ කර තිබෙන අතර ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදු කරනු ලැබේ.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ව්‍යාප්ත වුණු ඉබෝලා වෛරසය මේ වන විට කොංගෝ රාජ්‍යයේ ප්‍රදේශ රැසක් පුරා ව්‍යාප්තව පවති. මෙම තත්ත්වය අවම කිරීම සදහා එරට රජය වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද සදහන්වේ.
එරට සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරනුගේ ජීවිත තර්ජනයක් ගෙන දෙන මෙම රෝගී තත්ත්වයෙන් 207දෙනෙක් සුවය ලබා ඇති බවය.