කළුතර වෙඩිතැබීමේ ප්‍රධාන සැකකරු අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – කළුතර උතුර පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (03) අලුයම මොහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

පසුගියදා (01) මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගාලුපාර සිතුමිණ හෝටලය ඉදිරිපිට මාර්ගයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇත.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණ.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, 57 හැවිරිදි පතිරනගේ ෆ්‍රැට්‍රික් පීරිස් යන අයයි.සැකකරු සොයා කළුතර උතුර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *