චීනය දැවැන්ත ආනයන රටක් බවට පත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – චීනය දැවැන්ත ආනයන රටක් බවට පත් වෙයි.

2012 සිට 2017 දක්වා චීනයේ ආනයන වටිනාකම සමස්ත ‍ලෝකයේ ආනයන වර්ධනයට දායක වීමේ සාමාන්‍ය අනුපාතය සියයට 22.5කට ළඟා වී ඇති බව බෙයිජිං ගුරු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෙයි හෝ මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම පසුගිය දා බෙයිජිං නගරයේදී නිකුත් කළ 2018 චීන ආනයන වර්ධන වාර්තාවෙහි සඳහන් වේ.

ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කොට ගත වූ වසර 40 තුළ චීනය විවිධ රටවලින් ආනයනය කර ඇති වටිනාකම අමෙරිකානු ඩොලර් කෝටි 1090 සිට දස කෝටි 1841 දක්වා ඉහළ ගොස් ඇත.

චීන ආනයන වටිනාකම ලෝකයේ සමස්ත ආනයන වටිනාකමින් ගන්නා අනුපාතය සියයට 0.93 සිට සියයට 11.59 දක්වා වර්ධනය වී තිබේ. එමෙන් ම එම වටිනාකම වසර 1979 ලෝකයේ 23 වැනි ස්ථානයේ සිට 2017 පැවති 2වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *