ජනපති සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර සාකච්ඡාවක් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැත්විණි.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් සදහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිඛෙන චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට එහිදී දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *