දිය නෑමට ගිය විදේශික තරුණයා දියේ ගිලී අතුරුදහන්

(කොළඹ, ලංකාපුවත්) – වැලිගම පොලිස් වසමේ කප්පරතොට බේ බීච් වෙරළ තීරයේ මුහුදේ දිය නෑමට ගිය විදේශික ජාතිකයින් තිදෙනෙක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට වැලිගම පොලීසිය පවසයි.

ඊයේ(03) සවස 4.00ට පමණ මෙලෙස අතුරුදහන්ව ඇත්තේ වයස 23ක් වන නෝර්වේ ජාතික පුද්ගලයෙකි.

අතුරුදහන් වූ අය සෙවීමේ කටයුතු පොලීසිය, මිරිස්ස නාවික හමුදා කඳවුරේ හා වෙරළ ආරක්ෂක කඳවුරේ නිලධාරීන් එක්ව සිදු කරනු ලබයි.

වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *