වැඩිම පිරිසක් අන්තර්ජාල‍යේ සෙවූ චරිතය ඉන්දියාවෙන්

(කොළඹ, ලංකාපුවත්) –”ඔරු අද්දර් ලව්” මලයාලම් චිත්‍රපටයේ ඇසකින් ඉඟි කර එක් රැයකින් ලොව පුරා ජනප්‍රිය වූ ප්‍රියා ප්‍රකාශ් වැඩිම පිරිසක් අන්තර්ජාල‍යෙන් සෙවූ චරිතය බව ඉන්දියාවේ පිහිටි ගූගල් කාර්යාලය නිවේදනය කරයි.

මේ වන විට 19 හැවිරිදි වියේ පසු වන ප්‍රියා ප්‍රකාශ් ත්‍රිසුර් හි විමලා විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකි.

ඉන්දියාවේ පිහිටි ගූගල් කාර්යාලයට අනුව අන්තර්ජාලයෙන් වැඩියෙන්ම සෙවූ චරිත අතර දෙවැනි ස්ථානය මෑතක දී ප්‍රියංකා චොප්රා ගේ අත ගත් අමෙරිකානු පොප් ගායක නික් ජොන්ස්ට හිමි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *