(කොළඹ, ලංකාපුවත්) –පෙන්ටගන කාර්ය මණ්ඩල ප්‍රධානී රියර් අද්මිරාල් කෙවින් ස්වානි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික හේතුවක් මත එම තීරණයට එළඹි බව ඔහු සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අමෙරිකා හමුදා සිරියාවෙන් ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමත් සමඟ එරට හමුදා ප්‍රධානීන් කිහිපදෙනෙක් සිය තනතුරු වලින් ඉල්ලා අස්වීම විශේෂත්වයකි.
මීටපෙර ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ජේම්ස් මැට්ස් ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තේය. ඔහුගේ අස්වීමෙන් මසකට පසු කෙවින් ස්වානි මෙලෙස ඉල්ලා අස්වීම නිවේදනය කර ඇත.
රියර් අද්මිරාල් කෙවින් ස්වානි, පෙන්ටගන කාර්ය මණ්ඩල ප්‍රධානියා 2017 වසරේ සිට සේවය කර තිබේ.