අමාත්‍ය මණ්ඩලය අද රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙවර කැබිනට් රැස්වීම අද(07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 09.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතය.

කැබිනට් රැස්වීම පවත්වනු ලබන්නේ සෑම සතියේ දිනකම අගහරුවාදා වුවද ජනාධිපතිවරයාගේ විශේෂ වැඩසටහන් කිහිපයක් එදිනට යෙදී ඇති බැවින් කැබිනට් රැස්වීම අද දිනයේ කැදවා තිබේ.

මේ අතර රජයේ කැබිනට් අමාත්‍ය වරුන්ගේ විශේෂ රැස්වීමක් ඊයේ(06) රාත්‍රී අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම රාත්‍රී 7.00 ට පමණ අරම්භ වී තිබේ.

අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කර ඇති බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *