බැංකොක් ගුවන් තොටුපොලේ රඳවා සිටින සෞදි තරුණිය

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබියට පිටුවහල් කළ හොත් පවුලේ සාමාජිකයින් විසින් තමන් මරා දමනු ඇතැයි තම පවුලෙන් මිදී පළා යමින් සිටියදී බැංකොක් හි ප්‍රධාන ගුවන් තොටුපොලේ රඳවා ගනු ලැබූ සෞදි තරුණිය බිය පළ කරයි.

18 හැවිරිදි රහෆ් මොහොමඩ් අල් කුනන් ගේ ගමන් බලපත්‍රය ඇය තායිලන්තයට ඇතුළු වෙද්දී සෞදි බලාධාරීන් විසින් රඳවා තබා ගත් බව ඇය පවසයි.

එහෙත් බැංකොක් හි සෞදි තානාපති පවසන්නේ ඇය සතුව ආපසු පැමිණීම සඳහා ගුවන් ටිකට්පතක් නොමැති හේතුවෙන් ඇය රඳවා ගෙන සිටින බවයි. එසේම ඇයගේ ගමන් බලපත්‍රය ඇය සතුව ඇති බවත් ඔවුන් පවසයි.

වාර්තා වන අන්දමට මෙම තරුණිය සිය පවුලේ සාමාජිකයින් සමග කුවේට් හි චාරිකාවක නිරතව සිටියදී මෙසේ ඔවුන් ගෙන් මිදී පළා ගොස් ඇත. ඇය බැංකොක් හරහා ඔස්ට්‍රේලියාවට යාමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *