ලක්ෂ 120ක හෙරොයින් කොටහේනෙන් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 5ක් සමඟ පුද්ගලයෙක් කොටහේන ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොටහේන පොලිස් වසමේ පැරඩයිස් වත්ත, ක්‍රීඩාපිටිය ප්‍රජා ශාලාව අසලදී ආමර්වීදිය පොලිස් මුලපොලේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ(06) සවස 3.45 ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන කොටහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු සන්නතකයේ තිබී හොරොයින් හා ත්‍රීරෝද රථයක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 ක් වු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සැකකරු අද(07) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 120කට අධික බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *