ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් පෙබරවාරි 01 වනදා සිට සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

සභාපතිවරයාගේ නිල කාලය අවසන්වීමට වසර 03 ක් තිබියදී මෙම තීරණය ගෙන තිබෙන අතර 2012 වසරේදී මුල් වරට ලෝක බැංකු සභාපති ධුරයට පත්වූ ඔහු 2017 වසරේ සිට නැවතත් එම තනතුරට නම් කිරීමට හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් මෙම අනපේක්ෂිත ඉල්ලා අස්වීමට හේතුව සදහන් කර නොමැත.

තුන්වැනි ලෝකයේ රටවල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුලු සංවර්ධන ව්‍යාපෘති සදහා ඔහුගේ සමය තුළ විශාල දායකත්වයක් ලබාදුන්නේය.

නව සභාපතිවරයෙකු පත්කරන තෙක් තාවකාලිකව තනතුරේ පුරප්පාඩු පුරවන බව ලෝක බැංකු විධායක නිලධාරින් සදහන් කළේය.

දකුණු කොරියා ජාතික ජිම් යොන් වෛද්‍යවරයෙකු ලෙසත්, සේවය කර තිබේ. ඔහු මේවන විට 59වැනි වියෙහි පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *