ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ජපානයේ සහයෝගය

(කොළඹ, ලංකාපුවත්) –මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා අතර සුහද හමුවක් පසුගිය දා බත්තරමුල්ල කොස්වත්ත ” මගනැගුම මහමැදුර” හි අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමත්, මෙරට ක්‍රියාත්මක සංවර්ධන වෙනුවෙන් ජපාන රජයේ සහයෝගය ලබාදීම ඇතුළු ද්විපාර්ශවීය කරුණු රැසක් පිලිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණී.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ඇතුළු නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *