මාර්ගොට් රොබීට “බාබි ඩෝල්” චරිතයක්

(කොළඹ, ලංකාපුවත්) – මාර්ගොට් රොබී සජීව ක්‍රියාදාම චිත්‍රපටයක “බාබි ඩෝල්” චරිතයක් නිරූපණයට එක් වෙයි.

සුයිසයිඩි ස්කොඩ්, අටි, ටොන්යා ඇන්ඩ් මේරි ක්වීන් ඔෆ් ස්කොට්ස් වැනි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කළ ලකීචැප් එන්ටර්ටේන්මන්ට් සමාගම විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන බව වාර්තා වේ.

මෙම චරිතය තමන්ට අභියෝගාත්මක මෙන්ම වෙනස් අත්දැකීමක් තම වෘත්තියට එක් කරනු ඇති බව විශ්වාස කරන බව මාර්ගොට් රෝබී පවසයි.

දරුවන් වෙත ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි එම චරිතය තමන්ට ලබා දීම ගෞරවයක් බව ද ඇය සඳහන් කරන්නීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *