(කොළඹ, ලංකාපුවත්) – නව යුධ හමුදා මාණ්ඩලික ප්රධානිවරයා ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 53 වන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා වන ශවේන්ද්‍ර සිල්වා මහතා මානුෂීය මෙහෙයුමේදී කැපී පෙනෙන චරිතයක් බවට පත් විය.
58 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කල ශවේන්ද්‍ර සිල්වා මහතා වීරවික්රම විභූෂණ, රණ වික්‍රම, රණශූර, උත්තම සේවා යන පදක්කම්වලින් පිදුම් ලබා තිබේ.