විහාරස්ථාන 60 කට පූජා භූමි ඔප්පු

(කොළඹ, ලංකාපුවත්) – සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන සදහා පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ විහාරස්ථාන 60 කට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව විහාරාධිපති ස්වාමින් වහන්සේලා කිහිප නමක් වෙත පූජා ඔප්පු පිළිගැන්විණි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ්. ගුණසේකර, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *