තැපෑල, රක්ෂණ ආයතන සියල්ල එක තැනකට ගෙන එයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක රක්ෂණ ආයතන එකම තැනකට ගෙන ඒමේ වැඩසටහනක් දියත් කරනු ලැබේ.

ඒ යටතේ පසුගිය දා ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගම හා එක්ව තෙවන පාර්ශවයේ රක්ෂණ ආවරණ ලබා දීමේ කාර්යය මූලස්ථාන තැපැල් කාර්යාලයේදී ආරම්භ කෙරිනි.

ඒ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාව සදහා ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගමේ, තැපැල් දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යතුමන්ගේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *