අද සිට වර්ෂාවේ වැඩිවීමක්

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර, ඌව,මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වර්ධනයක් අද(11) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඌව, මධ්‍යම,දකුණ සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකිය.

වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *