අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවරුම් දෙති

(කොළඹ, ලංකාපුවත්) – නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

කැබිනට් නොවන අමාත්‍යවරු

01 රවින්ද්‍ර සමරවීර මහතා -කම්කරු සහ වෘත්තීය සමිති සබදතා කැබිනට් නොවන අමාත්‍ය

02 වී. රාධක්‍රිෂ්නන් මහතා -විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය

03 අබ්දුල්ලා මහරුෆ් මහතා -වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ අමාත්‍ය ධූරයේ සංශෝධනයක් සිදුව තිබේ. ඒ අනුව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධූරය වන්නේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධූරයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *