චීනයේ ප්‍රාථමික පාසැලක මිටි ප්‍රහාරයකින් සිසුන් 20කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ බීජිං නගරයේ ප්‍රාථමික පාසැලකට කඩා වැදුන මිටියක් අතින් ගත පුද්ගලයකු එල්ල කළ ප්‍රහාරයකින් සිසුන් 20 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් අතරින් තිදෙනකු ගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. බීජිං හි ෂිචෙන්ග් දිස්ත්‍රික්කයේ වෙයිබො සමාජ මාධ්‍යය ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරය පෙරවරු 11.00 ට පමණ සිදු වූ ඇති බවයි.

ප්‍රහාරකයා හෝ එම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත් ඔහු මෙම පාසැලේ මීට පෙර සේවය කළ නඩත්තු සේවකයකු බව සමහර වාර්තා පෙන්වා දෙයි. කෙසේ වුවත් මෙම සිදුවීම පිළිබඳව රජයේ බලධාරීන් සමග එක්ව සම්පූර්ණ විමර්ෂණයක් සිදු කෙරෙන බව ෂිචෙන්ග් දිස්ත්‍රික් බලධාරීන් පවසයි.

මෙම ප්‍රහාරය සිදු වීම වාර්තා වන්නේ චීනයේ ළදරු පාසැලක ළමයින් 12 දෙනකුට පිහි ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව වරදකරු වූ චීන ජාතිකයකුට මරණ දඬුවම ලබා දීමෙන් පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *