පුහුණු වෛද්‍ය වෘත්තිකයන්ගේ අඩුව පිරවීමට Amrak ඉදිරිපත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍යා රක්ෂක ක්ෂේත්‍රයේ මෙන්ම තරුණ රැකියා අපේක්ෂකයන් අතර පවත්නා සුදුසුකම්ලත් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ හිගය පිරවීමෙහිලා පහසුකම් සලසමින් Amrak වෛද්‍ය විද්‍යා ආයතනය, ප්‍රායෝගික දැනුම සහිත කුසළතා වර්ධක ව්‍යූහගත පාඨමාලාවන් හදුන්වා දෙයි.

Amrak වෛද්‍ය විද්‍යා ආයතනය, ඩර්ඩන්ස් රෝහල සහ ඇස්ට්‍රොන් ජාත්‍යන්තර අධ්‍යයන ආයතනය හා අනුබද්ධිත අධ්‍යාපන ආයතනයකි.

නූතන සෞඛ්‍යාරක්ෂක ක්ෂේත්‍රයේ උන්නතිය සදහා අවශ්‍ය යාවත්කාලීන දැනුම සහ ප්‍රායෝගික විශේෂඥතාවය ලබාදීමෙහිලා මූලිකත්වය ලබාදෙමින් මෙම පාඨමාලාවල අන්තර්ගතය විශේෂයෙන් නිර්මාණය කර ඇත. කොළඹ 03 පිහිටි ඩර්ඩන්ස් රෝහල්භූමියේ Amrak වෛද්‍ය විද්‍යාආයතනය පිහිටුවා ඇත.

“විශේෂඥ යාවත්කාලීනදැනුමමෙන්ම කාර්මික කුසළතාවයන්ගෙන්යුත්පුහුණුවෘත්තිකයන්ගේසැලකියයුතු හිගයක් වර්ථමාන සෞඛ්‍යාරක්ෂක ක්ෂේත්‍රය තුළ පවතී. විකිරණවේදය, හෘද සෞඛ්‍යය සහ අනෙකුත් අදාල ක්ෂේත්‍රයන් පිළිබද ඩිප්ලෝමා පාඨමාලා හදුන්වා දෙමින්මෙම හිගය පිරවීමෙහිලා අපි ක්‍රියා කරන්නෙමු. සරලව කිවහොත්,අදාල දැනුමසහ ප්‍රායෝගික විශේෂඥතාවය ලබාගනිමින් සෞඛ්‍යා රක්ෂක ක්ෂේත්‍රය විසින් ඉල්ලූම් කරන මට්ටමේ වෘත්තිකයන් බවට පත්වීමෙහිලා මාර්ගයක් අපි තරුණ පරපුරට විවර කළෙමු.“ යැයි Amrak වෛද්‍ය විද්‍යාආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක රක්ෂිත තුඩාවේ මහතා පැවසුවේ ය.

Amrak වෛද්‍ය විද්‍යා ආයතනය, පිළිගත් පාඨමාලා, ප්‍රායෝගික පුහුණුව මෙන්ම ඩිජිටල් පෝටලය හරහා අන්තර්ජාලීය පාඨමාලාවන්ට ප්‍රවේශවීමේ පහසුකම් යනාදිය පිරිනමයි.

Amrak වෛද්‍ය විද්‍යා ආයතනය විසින් පිරිනමන විෂය මාලාව පිළියෙල කරන ලද්දේ සෞඛ්‍යාරක්ෂක ක්ෂේත්‍රයේ වර්තමාන සහ අනාගත අවශ්‍යතාවයන් සැලකිල්ලට ගෙන ය. ආයතනයේ සිසුන් සදහා ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන් මඩුල්ලක් විසින් ප්‍රායෝගික පුහුණුව සහ උපදෙස් පිරිනමයි.

සංගණන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2017 වාර්ෂික වාර්තාවන්ට අනුව උසස්පෙළ අවසන් කළ රැකියා වියුක්ත තරුණ පිරිස 8.1% ක් වේ.

සෞඛ්‍යය අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛනයන්ට අනුව රජයේ සෞඛ්‍යා රක්ෂක අංශයේ සිටින සේවකයින් පිරිස 121,500 ක් වේ.

“නිරන්තරයෙන් දියුණුවන සෞඛ්‍යාරක්ෂක ක්ෂේත්‍රය සදහා විධිමත් අධ්‍යාපන පසුබිමක් සහිත වෘත්තිකයන්ගේ සේවාව අවශ්‍යවේ. අපගේ සිසුන් සදහා අපි ලබාදෙන්නේ මෙයයි. “ යනුවෙන් Amrak වෛද්‍ය විද්‍යා ආයතනයේ සභාපති අමින්ද තුඩාවේ මහතා පැවසීය.

තත්ත්වයෙන් උසස් නව්‍ය සේවාවන් සදහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂක අංශයේ ඉල්ලූම දිනෙන් දින වර්ධනය වේ.

වයස්ගත ජනගහනය සහ බෝ නොවන රෝගයන්ගේ වර්ධනය දක්ෂ දැනුමැති සෞඛ්‍යාරක්ෂක වෘත්තිකයන් සදහා වූ ඉල්ලූම ඉහළ නැංවීමට දායක වී ඇත. මෙම තත්ත්වයයටතේ රැකියාවෙළෙදපොළ තුළ වර්ධනය වනඉල්ලූම සාර්ථකව සපුරාලීමසදහා තමන්ගේ කුසලතාවයන් වැඩිදියුණුකර ගැනීමේ සුවිශේෂි අවස්ථාවක් Amrak වෛද්‍ය විද්‍යා ආයතනය විසින් තරුණයන්ට ලබාදේ. එපමණක් නොව, තම වෘත්තියේ ඉදිරියට ගමන් කිරීමට කැමති තරුණයින්ට Amrak වෛද්‍ය විද්‍යා ආයතනය විසින් පිරිනමන අධ්‍යාපන සහ පුහුණු පහසුකම් හරහා තෘතීය අධ්‍යාපනය ලබා ගැනීමට ද හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *