සේරුදණ්ඩාපොලින් හමුවු ඉපැරණි ගල් ගුහාව ගැන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

(කොළඹ, ලංකාපුවත්) – නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සේරුදණ්ඩාපොලින් සොයා ගනු ලැබු ඉපැරණි ගල් ගුහාව ‘හිරි ළඹ ගුහා‘ විශේෂයට අයත් ගුහාවක් බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශිය පුරා විද්‍යා කාර්්‍යාලයේ පුරාවිද්‍යාඥ මහින්ද කරුණාරත්න මහතා ඊයේ (10) මේ බව පැවසීය.

ඉකුත් දා මාධ්‍ය මගින් හෙළිකරණු ලැබු නාඋල සේරුදණ්ඩාපොල පැරණි ගල්ගුහාව සම්බන්ධයෙන් නාඋල පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව සිදුකරන ලද ගවේෂණයකින් අනතුරුව හෙතෙම මෙම අදහස් පළකළේය.

නාඋල පොලිසිය මගින් සිදකරන ලද දැනුවත් කිරිමකට අනුව ඊයේ පුරා විද්‍යා දෙපාර්ථමේන්තුවේ නිලධාරින් පිරිසක් සේරුදණ්ඩාපොල ගල් ගුහාව නිරීක්ෂණය කළේය.

මෙය ස්වභාවිකව නිර්මාණය වු ගුහාවක් බව ගවේෂනයට එක්වු යේ පුරාවිද්‍යාඥ මහින්ද කරුණාරත්න මහතා කියා සිටියේය. ගුහාවේ පාෂාන අධ්‍යනයේ දී හුණු ගල් වලින් නිර්මාණය වු ගුහාවක් බවට ද තහවුරු වු බව හෙතෙම කීය.

වසර මිලියන ගණනක් තිස්සේ ගුහාව තුළ ඇතිවු භූ භෞතික හා රසායන වෙනස්කම් හේතුවෙන් ගුහා අභ්‍යන්තරයේ භූගෝල විද්‍යාත්මක හායනයක් සිදුව ඇති බව ද මහින්ද කරුණාරත්න මහතා කියා සිටියේය.
වර්ථමානය වන විට වවුලන් විසින් භාවිතකරනුලබන මෙම ගල්ගුහාවට අතීතයේ දී මිනිසුන් ප්‍රවිශ්ඨ වී ඇති බවට සාධක පවතින බව අනාවරණ වු බව හෙතෙම සදහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පුරාවිද්‍යාඥ මහින්ද කරුණාරත්න මහතා.

“කෙසේ වෙතත් අතීත මානවයින් මේ ගුහාවට සම්බන්ධ වුනාද කියලා නම් සාක්ෂි හමුවුනේ නැහැ.එයට හේතුව තමයි මේ ආකාරයට ආවරණය වෙච්ච ගුහාවල ප්‍රාග් මානවයන් ජීවත් වී නැහැ.

බටදොඹ ලෙන,පාහියංගල ලෙන වැනි ලෙන් දිහා බැලුවහම ඒවා විවෘත ස්ථාන.

කෙසේ වෙතත් පසු කාලීනව ෂතුරු ආක්‍රමණයන් වල දී හෝ මෙවැනි ස්ථානයට පැමිණිලා ආරක්ෂාව පතන්න පුලූවන්. හැබැයි එහෙම හිටියා කියලා ඔප්පු කරන්න තරම් මුලාශ්‍ර අප සතුව නැහැ.ගුහාව තුළින් හමුවු වළං කටු ඉතා මෑත භාගයේ ඒවා කියලා තමයි අපි නිගමය කරන්නේ.කොහොම නමුත් පුරාවිද්‍යාත්මක ප්‍රභල වටිනාකමක් මේ ගුහාව තුළින් අපට අද දකින්න ලැබුනේ නැහැ.

මේ ගුහාව මීටර් 150 පමණ දුරකට ගමන් කරන්න පුලූවන් ගුහාවක්. පොලව අභ්‍යන්තරයට තමයි විහිදෙන්නේ.උස ගත්තොත් මීටර් 35 – 40 පමණ වෙනවා‍. රසායන හෝ භෞතික ජීරණය නිසා ගුහා අභ්‍යන්තරයේ යම් ආකාරයකට කාඹර වගේ ස්වරූපයක් දක්නට ලැබෙනවා.

බොහෝ අවස්ථාවල හුණුගල් ගුහාවල වතුර දක්ට ලැඛෙනවා. නමුත් මේ ගුහාවේ වතුර දක්නට ලැඛෙන්නේ නැහැ.
මේ ගුහාවේ තිබෙන අඳුරු ස්වභාවය සම්කිසි විදිහකින් කෙනෙකු සැගවී සීටින්ට උපයෝගි කරගත්තා වෙන්න පුලූවන් ප්‍රවාද වලට අනුව නමුත් ඒ සදහා සාක්ෂි හමුවුනේ නැහැ අපට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *