මහකන්න වී අස්වැන්න මෙ.ටොන් ලක්ෂ 30 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – මෙවර මහකන්නයේ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 30 ඉක්මවනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පරියේෂණ පුහුණු ආයතනය කියයි.

කුඹුරු හෙක්ටයාර ලක්ෂ 08 ඉක්මවා මෙවර මහකන්නය සඳහා වගා කර ඇති අතර පුරන්ව තිබූ කුඹුරු අක්කර 27,000ක්ද මෙවර මහ කන්නය වෙනුවෙන් වගා කර ඇත.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පරියේෂණ පුහුණු ආයතනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් 99%කට ආසන්න ප්‍රමාණයක් මෙවර මහ කන්නයේදී වගා කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවූ ඉහළම වී අස්වැන්න වසර 2014 දී වර්තා වූ අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 28.5 කි.

රට පුරා ඉතා යහපත් කාලගුණික තත්ත්වයක් පැවැති බැවින් මෙවර මහ කන්නයේදී ඉශළ අස්වැන්නක් හිමිවනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පරියේෂණ පුහුණු ආයතනය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *