(කොළඹ, ලංකාපුවත්) –කෘෂි භෝග රැසකට හානි සිදු කරන සේනා දළඹුවා වෛරසයක් යොදා ගනිමින් මර්දනය කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ කර තිබේ.
ඊට අවශ්‍ය තොරතුරු මේ වන විට රැස් කරන බව රුහුණ විශ්ව විද්‍යාලයේ කෘෂිපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරය සරත් කුමාරසිංහ මහතා සදහන් කළේය.
බඩඉරිගු ඇතුළු කෘෂි බෝග කිහිපයකට හානි සිදු කරන සේනා දළඹුවාගේ ව්‍යාප්තිය පිළිබද ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය.
සේනා දළඹුවා ශාක පත්‍රවල යට කොටසේ බිත්තර තැම්පත් කිරීමත් සමග ව්‍යාප්තිය සිදු වන බව හදුනාගෙන තිබේ. බඩඉරිගු වැනි භෝගවල ඉහළ පත්‍රවල දළඹුවාගේ ව්‍යාප්තිය දැක ගත හැකියි.
උදෑසන කාලයේ දහයියාඅලු බෝගවලට යෙදීමෙන් මෙම දළඹුවා යම්තාක් දුරකට පාලනය කිරීමට හැකි බව සොයාගෙන ඇත.
මෙම දළඹුවා ව්‍යාප්ත වී ඇති භෝග පුළුස්සා විනාශ කළ යුතුය. පෙරොමෝන් උගුලද සේනා දළඹු ව්‍යාප්තිය පාලනයේදී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුව පවසයි.