වරාය නගර ව්‍යාපෘතියේ ගොඩකිරීම් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ වරාය නගරය ඉදිරිකිරිම සඳහා වන මුහුද ගොඩකිරිමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි.

කොළඹ වරාය නගරයේ ගොඩනැඟිලි සහ අනෙකුත් ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිම ඉදිරියේදී සිදු කිරිමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ගොඩකිරිම් අවසන් කර ඇති කොළඹ වරාය නගරයේ නිරික්ෂණය කිරිමේ චාරිකාවක් අද(16) දිනයේ සිදු කෙරේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් චීන තානාපති සහ පෝර්සිටි පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මේ සඳහා එක්වනු ඇත.

වරාය නගරය සඳහා ගොඩකරන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර් 269ක් පමණ වන බව සඳහන් වේ.

කොළඹ වරාය නගරය සමඟ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ ඉදිකිරිමට නියමිත සැහැල්ලු දුම්රිය පද්ධතිය සම්බන්ධ කෙරෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *