සරසවි ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු මැයි අගදී

(කොළඹ, ලංකාපුවත්) –2018 වසරේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අවම කඩඉම් ලකුණු මැයි මාසය අවසානයේදී නිකුත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසයි.

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබාදීමෙන් අනතුරුව කඩඉම් ලකුණු නිකුත් කිරිමට අදාල කටයුතු ආරම්භ කරන බව එම කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ උසස් පෙළ සමස්ත ප්‍රතිඵල පදනම් කර ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අවම කඩඉම් ලකුණු සකස් කිරිම සිදු කරන බව සභාපතිවරයා පැවසීය.

එසේම 2018 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කළ හැකි කාලය අදින්(16) අවසන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *