සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ දින 08 ක වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management ) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක් අද (16) දින සිට දින අටක් පුරා පැවැත්වීමට නියමිතව ඇත.

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානය පිහිටි පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය කලපු ප්‍රදේශය ආශ්‍රිතව මෙය පැවැත්වෙන් බව නාවික හමුදාව සදහන් කළේය.

මෙම පාඨමාලාව හමුදා සහ සිවිල් වශයෙන් අධියර දෙකක් යටතේ පැවැත්වෙන අතර, ජපානයේ ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය මඟින් ප්‍රවින පුහුණුකරුවන් 06 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා නාවික හමුදා උපදේශකවරුන් ද සහභාගිවිමට නියමිතය.

ඒ අනුව උපදේශකවරුන් දැනුවත් කිරීමේ සැසියක් ඊයේ(15) නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වා ඇත.

මෙම පුහුණු වැඩසටහන සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත සාමාජිකයින් ඇතුළුව යුද්ධ, ගුවන් හමුදාවට සහ පොලිසියට අනුයුක්ත සාමාජිකයින් මෙන්ම ස්වේච්ඡා සංවිධාන සහ සිවිල් ජනතාව සහභාගිවිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *