පළමු ශ්‍රේණියට දරුවන් නිල වශයෙන් ඇතුළත් කිරීම අද

(කොළඹ, ලංකාපුවත්) – 2019 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් නිල වශයෙන් ඇතුළත් කර ගැනීම අද (17) සිදු කෙරේ.

ඒ අනුව 2019 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් නිල වශයෙන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වේ. ඒ, ගිරිඋල්ල ගනේගොඩ ප‍්‍රාථමික විද්‍යාලයේදී ය.

මීට සමගාමීව ‘‘ එකට වවමු – එකට වැඩෙමු’’ යන මැයෙන් රුක් රෝපණ වැඩසටහනක් ද සිදු ක්‍රියාත්මකය. පාසල් අවධියේදීම දරුවන් රුක් රෝපණය සඳහා නැඹුරු කරවීම මෙහි අරමුණ වේ.

රට පුරා ඇති රජයේ පාසල් ගණන 10,194කි. ඒවායෙන් පාසල් 9,193ක ප‍්‍රාථමික පංති පැවැත්වේ. සෑම වසරකම මෙම පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් තුන් ලක්ෂ 40,000ක් පමණ ඇතුළත් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 17 =