ලංකාවේ මුස්ලිම් බැතිමතුන් සදහා හජ් කෝටාව වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා හජ් කෝටාව වැඩි කිරීමට සෞදි රජය කටයුතු යොදා ඇතැයි තැපැල් ඇමති එම්. එච්. අබ්දුල් හලීම් මහතා පැවසීය.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. අබ්දුල් හලීම් මහතා පසුගියදා සෞදි අරාබි රාජ්‍යයේ ජෙඩා නුවරදී සෞදියේ හජ් කටයුතු අමාත්‍යවරයා හමුවී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ගේ හජ් කෝටාව වැඩිකර ගැනීම සදහා සාකච්ඡා කරන ලදී.

මෙතෙක් කල් ලබාදී තිබුනේ 2800 පමන බැතිමතුන් ප්‍රමාණයක් සදහා වන්දනා කිරීමේ අවස්ථාවකි. නමුත් හලීම් අමාත්‍යවරයාගේ මෙවර සාකච්ඡා ඉතා සාර්ථක වෙමින් 2019 වසරේදී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා අවසර ලබාදීමට සෞදි රජය කටයුතු කර ඇත.

වන්දනා ආරම්භ කිරීමෙන් අනතුරුව තත්ත්වය සලකා බලා ඉදිරියේදී කෝටාව තවත් වැඩි කර ගැනීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බවද හලීම් අමාත්‍යවරයා පැවසීය.

මෙහීදී සෞදි රජු අතූලු රජයේ සියලු දෙනාටම විශේෂ ස්තූතියක් ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මෙන්ම ලංකාවේ සියළු මුස්ලිම්වරුන් වෙනුවෙන්ද හලීම් අමාත්‍යවරයා පලකරන ලදී .

මෙම සංචාරය සදහා මුස්ලිම් ආගමික කටයුතුදෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක එම්. ආර් මලික් මහතා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මිතා සිම්, ශ්‍රී ලංකාවේ හජ් කමිටු සභාපති ආචාර්ය සියාද්, ගරු අමාත්‍ය තුමන්ගේ පෞද්ගලික ලේකම් එම්. එච් ෆාහිම් ඇතුළු කණ්ඩායමක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *