නව ජනාධිපති නීතීඥවරුන් 25ක් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති නීතීඥවරුන් 25 දෙනෙකු අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද(18) නිල වශයෙන් දිවුරුම් දුන්හ.

පසුගියදා ජනාධිපතිතුමා විසින් පත්කරන ලද ජනාධිපති නීතීඥවරුන් පිරිස මෙසේ දිවුරුම් දුන්නේය.

උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන උත්සව ශාලාවේ පැවති මෙම දිවුරුම් දීමේ උත්සවයට අභියාචනාධිකරණය, මහාධිකරණය හා මහේස්ත්‍රාත් අධිකරණ නියෝජනය කරන විනිසුරුවරුන් එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *