උදෑසන සහ රාත්‍රියේ සීතල දේශගුණය තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදී උදෑසන සහ රාති‍්‍ර කාලයේ තරමක ශීත කාලගුණයක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවති.

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *