ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් යයි.

ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ක්‍රීඩා පනතේ 39.1 වගන්ති ප්‍රකාරව විශේෂ විධානයක් මගින් මේ තීරණය ගත් බවය. නීතිපතිවරයාගේ උපදෙස් අනූව, පවතින නෛතික අවශ්‍යතාවක් මත මේ තීරණය ගත් බව එහි සඳහන් වේ.

ඒ අනූව ලබන මස 07 වැනි දිනට යෙදී තිබූ ක්‍රිකට් ආයතන නිලවරණය, පෙබරවාරි මස 21වනදා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *