ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් පිලිපීන ජනාධිපති මන්දිරයේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

(කොළඹ, ලංකාපුවත්) –පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් Rodrigo Duterte මැතිතුමා විසින් පිළිගන්වන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය පසුගිය 16වනදා රාත්‍රියේ එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස් හි දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ගෞරවනීය සහ උණුසුම් පිළිගැනීමක් ලබාදීමට මෙහි දී පිලිපීන ජනාධිපතිතුමා කටයුතු කර තිබූ අතර, එරට සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව විචිත්‍රවත් කෙරිණි.

වසර 58ක දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දී පිලිපීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ඇරයුම් ලැබුණු ප්‍රථම ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයා වන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම ඓතිහාසික සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද නායක දෙපළ අතර සිදු විය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රුව සහිත ආලේඛ්‍ය චිත්‍රයක් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *