කෝටියක වියදමින් වටිටක්කා මිලදී ගැනීමේ රජයේ වැඩසටහන ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගොවියාව සූරාකන අතරමැදියන්ට තමන් අමාත්‍යවරයාව සටින තාක්කල් ඉඩලබානොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වටිටක්කා මිලදී ගැනීමේ රජයේ වැඩසටහනට එක්වෙමින් මේ බව අමාත්‍යවරයා පැවැසීය.

නොචිචියාගම හා විලච්ච්ය ප‍්‍රදේශවල වටිටක්කා වගා කල එක් ගොවියකුගෙන් කිලෝ 1500ක් කිලෝවක් රුපියල් තිහ බැගින් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා රජය මිලදීගැනිමේ කටයුතු සිදුකරන බවත් මේ වෙනුවෙන් රජය රුපියල් කෝටියක මුදලක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා කීය.

රජය ආරම්භකල මෙම මිලදීගැනීමේ ක‍්‍රියාවලිය සමගම මේවන විට වටිටක්කා තොග මිල රුපියල් 5 සිට 20 දක්වා වැඩිවී ඇති බවත් කොළඹ වටිටක්කා සිල්ලර මිල රුපියල් 70ත් 80ත් දක්වා වැඩිවී ඇති බව අමාත්‍යවරයා පැවැසීය.

ගලෙන්බිදුණුවැව හොරොවිපතාන ප‍්‍රදේශවල සේම වටිටක්කා වගා කල අනෙකුත් ප‍්‍රදේශ වලද වටිටක්කා මිලදී ගැනීමට රජය වෙන්කල රුපියල් කෝටියක මුදලට අමතරව තවත් මුදල් වෙන් කිරීමට සුදානම් බව අමාත්‍යවරයා සදහන් කළේය.

ඒ සමගම මෙවර මහකන්නය සදහා නාඩු රුපියල් 38 ද සමිබා රුපියල් 41 ක මිලට වී මිලදී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය හරහා ආරම්භ කරන බවත් උතුර නැගෙනහිර උදු අස්වැන්න නෙලන බැවින් උදු වෙනත‘ රටවලින් ආනයනය වහාම නැවැත්වූ බවත් ඒ සදහා රුපියල් 125ක තිබු ආනයනික බද්ද රුපියල් 200 දක්වා වැඩිකල අතර දැන් දේශීය උදු මිල ෙමි තීරණය අනුව උදු කිලෝවක් රුපියල් 175 සිට 180 දක්වා වැඩි වී ඇති බව අමාත්‍යවරයා කීය.

වී ගොවිතැනෙහි නිරතවෙන ගොවීන් සදහා සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම වී වේලන විදුලියෙන් ක‍්‍රියාත්මක වී වේලන යන්ත‍්‍ර ඉදිරියේදී සවි කිරීමට බලාපොරොත්තුවන බව හෙතෙම කිය.

නොච්චියාගම හා විලච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි වටිටක්කා මිලදී ගැනීමේ රජයේ වැඩසටහන පැවැති අතර මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකමි කේ ඩී එස් රුවන්චන්ද්‍ර අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකමි ඩබි එම් වන්නිනායක මහතා ඇතුලූ නිලධාරීන් මෙන්ම ගොවීන් රැසක් මීට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *