නාලක ද සිල්වා 30වනදා තෙක් යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දීය ජාතික මර්සලි තෝමස් යන අයවලුන් ලබන30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (21) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාගර ගත කර සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට බන්ධනාගාර වෛද්‍ය නිලධාරිවරයාගේ නිර්දේශවලට අනුව බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහලේ නිර්දේශ කරන ලද වෛද්‍ය නිර්දේශවලට අනුව ලබා දෙන වෛද්‍ය ප්‍රථිකාර සහ තෙරපි ප්‍රථිකාර සඳහා ජාතික රෝහලට යොමු කරන ලෙසටත් නියෝග කරන ලදි.

එමෙන්ම නාලක සිල්වා මහතාට ප්‍රථිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කළ යතු වන්නේ ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නාමල් කුමා යන අය අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් මේ වෙනතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි නාලික සිල්වා මහතා වෙනුවෙන් පෙනි සිටි නිතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට සිදු කළ දැනුම් දීමකට පිළිතුරු ලබා දුන් රහස් පොලිසිය එම සිද්ධියට අදාළව විමර්ශන සිදු කරමින් පවතින බව කියා සිටියේය.

එමෙන්ම නාමල් කුමාර යුද හමුදාවට ගුවන් හමුදාවට සහ තවත් රාජ්‍ය ආයතනයක සේවය ලබා ගැනිම සඳහා ලබා දුන් බව කියන ව්‍යාජ අධයපන සහතික සම්බන්ධයෙන් සහ දුරකතන සංවාද සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතින බවද අධිකරණයට කියා සිටියේය.

රහස් පොලිසිය මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ රක්ෂිත භාරයේ සිටින ඉන්දියානු ජාතිකයා අද අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.

සිද්ධිය සමබ්න්දයෙන් විමර්ශණ සිදු කර ඉදිරි දින අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *