සාක් කළාපයේ ශල්‍ය වෛද්‍ය ප්‍රතිමුර්තිය සම්මානයෙන් පිදුම් ලැබූ නරේන්ද්‍රට උපහාර

(කොළඹ, ලංකාපුවත්) – ඡ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය විශේෂඥ නරේන්ද්‍ර ෆින්ටෝ මහතාට ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැති ඉන්දීය ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සංවිධානය කළ වාර්ෂික ජාත්‍යන්තර විද්‍යාත්මක සැසිවාරයේ දී සාක් කළාපයේ ශල්‍ය වෛද්‍ය ප්‍රතිමුර්තිය සම්මානයෙන් පිදුම්ලැබීම වෙනුවෙන් පවත්වනු ලැබූ උපහාර උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී පසුගියදා පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “”රජකම නැත්නම් වෙදකම” කියා ප්‍රකට කියමනක් තිබෙනවා. එහිදී වෙදකම කිරීමේ දී මනුෂ්‍යකම ඉතා වැදගත්. වර්තමානයේ වෙදකම මනුෂ්‍යකමට වඩා වාණිජ මට්ටමට ගොස් තිබෙනවා. මුදල් නොලැබුනත් මානව දයාව සහ කරුණාව දක්වන වෛද්‍යවරුන් ඉතාම වැදගත්. එවැනි වෛද්‍යවරුන් සිටින්නේ ද අතලොස්සක්. මානව දයාවෙන් රෝගියෙකුට කථා කිරීමේ දී රෝගයෙන් සියයට 50 ක් පමණ අඩු වෙනවා. එවිට වෛද්‍යවරයා කියා නිසි පරිදි ගරු කළ හැකියි. සමහර වෛද්‍යවරු කරුණාවන්ත වුවත් සිදු කරන ශල්‍යකර්ම වැඩක් නැහැ. නමුත් වෛද්‍ය ෆින්ටෝ මහතා අංග සම්පුර්ණ වෛද්‍යවරයෙක්. කීර්තිමත් වෛද්‍යවරයෙක්.”

මෙහිදී විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර ෆින්ටෝ මහතාට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් ලබාදෙන උපහාර තිළිණය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පිරිනමන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *