ඇෆ්ගනිස්ථානයේ මියගිය සෙබළුන් ගණන 126 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම මයිදාන් වර්දාක් පළාතේ හමුදා කඳවුරකට එල්ල වූ තලේබාන් ප්‍රහාරයෙන් මිය ගිය සොල්දාදුවන් සංඛ්‍යාව 126 ඉක්මවන බව වාර්තා වේ.

හමුදා පුහුණු මධ්‍යස්ථානය තුළ සිදු වූ පිපිරීමෙන් මිය ගිය මෙම පිරිසට විශේෂ කොමාන්ඩෝ නිලධාරීන් 08 දෙනකු ද ඇතුළත් බව සඳහන් ය.

ඊයේ පෙරවරුවේ පුපුරණ ද්‍රව්‍ය පුරවා ගත් මෝටර් රථයක් ප්‍රධාන ආරක්ෂක ස්ථානයට කඩා වැදී ඇති අතර ජාතික ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය විශ්ව විද්‍යාලය තුළ දී එය පුපුරවා හැර ඇත.

මේ අතර තවත් තුවක්කුකරුවන් දෙදෙනකු විශ්ව විද්‍යාලය තුළට ඇතුළු වී ඇෆ්ගන් සොල්දාදුවන් බොහෝ පිරිසකට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තලේබානුවන් විසින් මෙම ප්‍රහාරය සඳහා අමෙරිකාවේ නිශ්පාදිත යුද Humvee රථ භාවිතා කළ බව ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශ බලධාරීන් ප්‍රකාශ කරයි. මෙම ප්‍රහාරය ඉතා බලසම්පන්න බවත් සියළු
ගොඩනැගිලි කඩා වැටුණ බවත් ඔවුන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *